Home

අභිමානවත් පස් විසිපස් වසරක සංවත්සරය

ක්‍රි. ව. 1899 ජනවාරි මාසයේ ආරම්භ කර පුරා වසර 125ක් සංස්කාරවරුන් 30 ක් යටතේ නොනවතින ගමනක් පැමිණ ඇති, කිතුනු පවුලේ සඟරාව ලෙස විරුදාවලිය ලත්, ශ්‍රී ලංකාවේ ඉපැරණිම සිංහල කතෝලික සඟරාව “භක්ති ප්‍රබොධනය” යි. 

පාඨක හදවත් ස්පර්ශ කරමින් පලවන විවිධ නිර්මාණ ක්‍රිස්තු ඉගැන්වීම් වලට විශ්වාස වන්තව, මනුෂ්‍ය වටිනාකම් සහ සාරධර්ම රැකෙන අයුරින් ජීවත් වන ආකාරය මනාව පැහැදිලි කර දෙයි.

නිර්මල මරිය නිකාය භක්ති ප්‍රබොධන සඟරාවට අනුග්‍රහය දක්වමින් තම පැවිදි නිකායේ තවත් එක් දූත මෙහෙවරක් ලෙස අදටත් පවත්වා ගෙන යනු ලැබේ.